දිගටම රජයට බලපෑම් - ධීවර තීරණයක්

ශ්‍රී ලංකාවේ ධීවරයින්ට බලපාන මෙතෙක් විසදුම් නොලබුණු ප්‍රශ්න විසඳා ගැනීම පිණිස රටේ සියලුම ධීවර සමීති එකමුතුව රජයට දිගින් දිගටම බලපෑම් කළ යුතු යැයි වවුනියාවේ පැවති ධීවර සමලුවකදී උතරු දකුණු ධීවරයෝ තීරණය කරති.

උතුරේත් දකුණේත් ධීවර සමීති ගණනාවක නියෝජිතයින් එක්වී මෙම සමලුව පවත්වන ලද්දේ උතුරේ එක්සත් ධීවර සමීති සන්ධානයේ වාර්ෂික මහා සභාව වවුනියාවේ පැවති අතරතුරයි.

ඉන්දීය ධීවරයන්

ධීවර සමලුව අවසානයේදී ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් පැවසුවේ සියලු ධීවරයන්ට විශාල ප්‍රශ්නයක් වී ඇති ඉන්දීය ධීවරයන්ගේ ආක්‍රමණශීලී පැමිණීම වළක්වා දෙන මෙන් රජයට තවදුරටත් බලපෑම් කරණ බවයි.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වලට අමතරව දැන් ඉන්දීය ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර බෝට්ටුද ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට බලහත්කාරයෙන් පැමිණෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

දහස් ගණනක් ඉන්දීය යාත්‍රා පැමිණෙන පරිසරයක් තුළ රජය.

දේශපාලනික උදවු

ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට අමතරව දේශපාලනික උදවු මත දකුණේ ධීවර පිරිස් සාම්ප්‍රදායික සංක්‍රමණික තත්ත්වයෙන් බැහැර වී මහා පරිමාණයෙන් සංවිධානය වී උතුරට පැමිණ අසාධාරණ ලෙස ධීවර කටයුතු වල නිරත වීමද රජය විසින් නවතාලිය යුතු බවයි ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ.

යුද්ධය හේතුවෙන් විපතට පත් ධීවරයන් යළි පදිංචි කිරීමේ කටයුතු අඩාල වී ඇත්තේ උතුරේ බොහෝ ධීවරයන්ට අයත් ඉඩම් අධි ආරක්ෂිත කලාප ලෙස පවත්වා ගෙන යාම බවද එවැනි ඉඩම් ආපසු ලබාගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් ද සමුළුවේදී සාකච්ඡා කෙරිණ.

සියලු ධීවරයින්ට රජයෙන් ඉන්ධන සහනාධාරය ලබා දීම හෝ අඩු මිලට ඉන්ධන සැපයීමක් සිදුකළ යුතු බවට රජයට බලපෑම් කිරීමත් එළඹුණු තවත් තීරණයකි .

උතුරේ දෙමළ ධීවරයන් සහ දකුණේ සිංහල ධීවරයන් අතර සහයෝගිතාව වර්ධනය කරවීමට වැඩපිළිවෙළවල් සකස් කරණ මෙන් ඉල්ලා සිටීමටද ධීවර සමිති එකඟ වී තිබේ.

ධීවර ගැටලු සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා වලට උතුරේ ධීවර සමීති නායකයන්ද සහභාගි කරවා ගත යුතු බවට රජයෙන් ඉල්ලා සිටින ධීවර සමිති නියෝජිතයෝ පැවසුවේ ධීවර අමාත්‍යවරයා සියලු සාකච්ඡා සඳහා සහභාගි කරවා ගන්නේ එතුමාට හිතවත් පිරිසක් පමණක් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර