තායිවාන් නැවේ ලාංකිකයා: 'මුහුදට වැටිලා'

Image copyright Harishka Srimal
Image caption අතුරුදහන් වූ හරිෂ්ක ශ්‍රීමාල්

තායිවානයේ නෞකාවක සේවය කරමින් සිටිය දී අතුරුදහන් වූ හරිෂ්ක ශ්‍රීමාල් හදිසි අනතුරකට ලක් වු බව නෞකාව හිමි සමාගම ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

රක්ෂණ වන්දි සහ හිඟ වැටුප් සහිත ඩොලර් 20,000 කට ආසන්න වන්දියක් එම සමාගමෙන් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව වැඩබලන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Image caption වැඩබලන විදේශ ඇමති නියෝමාල් පෙරේරා

‘නැවේ කැප්ටන් කියල තියෙනවා ඒ ළමයා මුහුදට වැටිලා කියලා. ඔහු සොයා ගැනීමට උත්සාහ කළා ඒත් සොයා ගන්න බැරි උනා කියල ලිපියක් එවල තියෙනවා.’ වැඩබලන විදේශ ඇමති නියෝමාල් පෙරේරා පැවසීය.

එම නෞකාවේ ම සේවය කරන අනෙක් ලාංකික තරුණයන් තිදෙනා ඉතා ඉක්මනින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරන බව ද ඔහු කියා සිටියේය.

හරිෂ්ක ශ්‍රීමාල් ගේ ඥාතියෙකු වන සුසන්ත ප්‍රනාන්දු කියා සිටියේ තමා එම නෞකාවේ සිටි තවත් තරුණයෙකුට දුරකතනයෙන් කතා කළ අතර ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගන්නා ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි.

හරිෂ්ක ශ්‍රීමාල් තම උවමනාවෙන්ම මුහුදට පනින්නට ඇති බව තමන් විශ්වාස නොකරන බවයි හරිෂ්කගේ ඥාතීන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර