පිස්සු බලු උවදුරෙන් පීඩා විඳින යාපනය

Image copyright AFP

දශක ගණනාවක් යුද ගැටුම්වලින් පීඩා විඳි යාපනයේ වැසියන් දැන් පිස්සු බලු උවදුරින් පීඩා විඳින බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

අයාලේ යන සුනඛයන් වැඩි වීම හේතුවෙන් දිනකට යාපනයේ වැසියන් හතළිහත් පනහත් අතර පිරිසක් සුනඛයින්ගේ සපා කෑමට ලක් වන බව වෛද්‍ය ශ්‍රී භවානන්දරජා ප්‍රකාශ කළේය.

යාපනයේ ජනතාව චෝදනා කරන්නේ සුනඛයින් ඇති දැඩි කරන වැසියන් සුනඛයින් බැද නොතැබීම, සුනඛයින් නිසි ලෙස රැක බලා නොගැනීම යන හේතු මත අයාලේ යන සුනඛයින් ගණන වැඩි වී ඇති බවයි.

නමුත් වෛද්‍ය ශ්‍රී භවානන්දරාජා කියා සිටියේ මහින්ද චින්තන වැඩ පිළිවල යටතේ අයාලේ යන සුනඛයින් ඝාතනය කිරීම තහනම් කිරීම නිසා මේ තත්වය උද්ගත වී ඇති බවයි.

නිසි ප්‍රතිකාර

මීට පෙර නගර සභාවේ නිලධාරීන් පැමිණ අයාලේ යන සුනඛයින් රැගෙන ගොස් ඝාතනය කළද වර්තමානයේ එවැන්නක් සිදු නොවන බැවින් මේ තත්වය ඇති වී ඇති බව ඔහු පවසයි.

Image caption යාපනය නගරය

අයාලේ යන සුනඛයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් පිස්සු බලු රෝගයෙන් පෙලෙන බැවින් එවැනි බල්ලන් සපා කන ලද එක් පුද්ගලයෙකුට වාර හතරක් එන්නත් ලබා දීමට සිදු වන බවයි වෛද්‍ය ශ්‍රී භවානන්දරජා කියා සිටියේ.

මේ සඳහා විශාල වියදමක් දැරීමට සිදු වන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ යාපනයේ සුනඛ සපා කෑමේ සිදුවීම් ඉහළ යාමත් සමග එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් මිලියන හැටකට අධික වියදමක් දරා යාපනය රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් පිහිටුවීමට සිදුවූ බවයි.

පිස්සු බල්ලන් සපා කෑ රෝගීන්ගෙන් සියයට දහයත් දොළහත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් සහ නිසි ප්‍රතිකාර නොලැබීමෙන් මිය යන බව වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර