ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සරත් ප්‍රනාන්දු දිවිසැරිය නිම කරයි

සමාජ ක්‍රියාධරයකු වූ සරත් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය.

Image copyright Ravaya

ඔහු සමාජ -ආර්ථික ගැටළු පිලිබඳ මහා දැනුම් සම්භාරයක් රැගෙන බීබීසී සිංහල සංදේශය අසන්නන් දැනුවත් කිරීමට දායක වූ විද්වතෙක් ද වෙයි.

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව මුහුණ දුන් ඉඩම් සහ කෘෂි කාර්මික ගැටළු පිළිබඳව මහා දැනුම් සම්භාරයක සහිත සරත් ප්‍රනාන්දු එම ගැටළු නිරාකරණය කිරීම සඳහා අරගල මාවතට පිවිසි සටන්කාමියකු ද වෙයි.

සරත් ප්‍රනාන්දු ගේ විශේෂත්වය වන්නේ ප්‍රශ්න සම්බන්ධයෙන් දැනුවත්ව සක්‍රීය වීමයි.

එසේම ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ගැටළු ගැන සරල බසින් විග්‍රහ කිරීමට ඔහු තුල වූ ශක්තිය දුර්ලභ ගුණයකි.

සිය සමාජ මෙහෙය මෙනෙහි කරමින් සිය චරිතාපදානය ලුහුඬින් ලියා ඇති සරත් ප්‍රනාන්දු එය අරඹන්නේ මෙසේ කියමිනි.

"මම මේ දිනවල මගේ ජීවිතයේ අන්තිම දවස් කරා ලං වෙමිනුයි සිටින්නේ. මගේ භෞතික සිරුර තව අවුරුදු කීපයකින්, සමහර විට ඉතාම ඉක්මනින් එහි පැවැත්මේ අවසානයට ලඟා වේවි. ඒ නිසා මගේ සිත තුල පවතින අන්තිම බලාපොරොත්තු ගැන ලියා තැබීමට මෙය සුදුසු කාලයයි."

දිවියෙන් සමුගත් සමාජ ක්‍රියාධරයාගේ අවසන් කටයුතු බදාදා කුරුණෑගල දී සිදු කිරීමට නියමිතයි.