ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුන්නේස්වරමේ බාරවලට පොලිස් 'තහංචි'

මුන්නේස්වරම් ශ්‍රී බද්‍ර කාලිඅම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය අඟහරුවාදා පැවැත්වුනේ බිලි පුජා පැවැත්වීමෙන් තොරව බව කාලිමුත්තු සිවපාදසුන්දරම්, කෝවිලේ ප්‍රධාන පූජකවරයා පැවසුවේය.

බිලි පුජාව සම්බන්ධයෙන් නියෝග ලබා දුන්නත් බැතිමතුන්ට නිදහසේ සිය බාර ඔප්පු කිරීමට අධිකරණය තහංචි පැන වූයේ නැති බවයි ප්‍රධාන පූජකවරයා කියා සිටින්නේ.

නමුත් බිලි පූජාවට නොමැතිව මුන්නේස්වරම් කෝවිලට වූ බාර ඔප්‍පු කිරීම සදහා රැගෙන එන සතුන්ද කෝවිල තුළට රැගෙන ඒම පොලිසිය විසින් තහනම් කර තිබේ.

ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් බිලි පූජාව නොපවත්වන බව බැතිමතුන්ට දැනුම් දුන් බව ප්‍රධාන පුජකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වාර්ෂික මංගල්‍ය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් බැතිමතුන් පැමිණ සිටියත් මෙවර බැතිමතුන්ගේ අඩුවක් දකින්න ලැබුන බව කෝවිල අසල වෙළදාමේ නිරත ප්‍රදීප් නිශාන්ත සංදේශයට පැවසුවේය.

පැමිණ සිටි බැතිමතුන්ගේ අදහස වූයේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර නිදහසේ කරගෙන යාම සඳහා අවශ්‍ය ඉඩකඩ සියලු දෙනාට හිමි විය යුතු බවයි.