ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැතිවරණ කොමසාරිස් සියඹලා ගෙනැල්ලා නැත්ද?

බදුල්ල දිස්ත්‍රික්කය හා සැසඳීමේ දී මොනරාගල දිස්ත්‍රික්කයේ යම් ප්‍රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය නොපැවැත්වීමට තරම් හානිකර තත්ත්වයක් එහි උදාවී නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

ඌව පළාතේ මැතිවරණ වාතාවරණය පිළිබඳ සොයා බැලීම සඳහා කොමසාරිස්වරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින අතර ඒ අනුව අද දිනයේ (අඟහරුවාදා) මැතිවරණ කොමසාරිස් වරයා, මානව හිමිකම කොමිසමේ නිලධාරීන් සහ මොනරාගල මැතිවරණ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මොනරාගල දිසාපති කාර්යාලයයේ දී පැවැත් විය.

මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින බව පවසන ඊනියා භීෂණ තත්වය යටපත් කර පොලිස් හා සිවිල් පාලනයට එම ප්‍රදේශය යටපත් කර ගත යුතු බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙම රැස්වීම අමතමින් පැවසුවේ.

සියඹලා

"මම කියන්නේ නැහැ සිවිල් පාලනය ගිලිහිලා කියාලා, නමුත් පත්තර වලින් සහ මාධ්‍යවලින් සිවිල් පාලනය අපේ අතින් ගිලිහිලානේ තියෙන්නේ, ඒ කියන්නේ සියඹලා ඇත්තෙම නැහැ" මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

මැතිවරණ දෙපාර්තමේන්තුව හා පොලිසිය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා කැප වී කටයුතු කරන බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා නමුත් මොනරාගල තත්වය ගැන 100% ක්ම සතුටු විය නොහැකි බවයි පැවසුවේ.

"හැමෝම බලාගෙන ඉන්නේ පැමිණිලි කොච්චර ලැබිල තියෙනවද පැමිණිලිවලට අපි මොකක්ද කරන්නේ කියලා, මම මේ ගැන අහන අයට කිව්වා අර පත්තරේකට කිව්වා වගේ මැතිවරණ කොමසාරිසුයි පොලිස්පතියි ගේන මළුවල සියඹලා ඇත්තෙම නැද්ද කියලා?, අපියි පොලිසියයි මොකුත්ම කරන්නේ නැහැ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ" මහින්ද දේශප්‍රිය පැවසීය.

'අසත්‍ය, අර්ධ සත්‍ය, සත්‍ය'

මැතිවරණ නීති කැඩීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සියල්ලම සත්‍ය ඒවා නොවන බවද කොමසාරිස්වරයා මෙහිදී පැවසුවේය.

"සමහර ඒවා අසත්‍යයි, සමහරක් අර්ධ සත්‍යයි, තවත් සමහරක් 100% සත්‍යයි, ඒ ආකාරයෙන් බැලුවහම යම් ආකාරයකින් ගැටලුවක් තියෙනවා, අපි බොහෝ දෙනෙක් කියනවා කලින් ඡන්දවල ඔයිට වැඩිය කරා කියලා, අපි ඒ ගැන බලන්නේ නැතුව 100%ක් පරිපුර්ණ තත්වය ඇති කර ගන්න උත්සහ කරන්නේ ඕනේ, එතකොට 95%වත් ඇවිල්ල නවතීවි" මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

මැතිවරණය පැවැත්වෙන දින පමණක් නොව නාම යෝජනා දැන්වීම් ප්‍රදර්ශනය කළ දින සිට ජන්ද ප්‍රතිඵල අවසන්වී සතියක් ගත වන තුරු පාලන බලය ඇත්තේ මැතිවරණ දෙපාර්තමේන්තුව හා පොලිසිය අත බවයි ඔහු අවධාරණය කලේ.

මානව හිමිකම් කොමිසමේ ද පොලිසියේ ද නිලධරයන් සිටි මෙම රැස්වීම අමතමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ පොලිසිය යනු ලයිසන් ලැබූ චණ්ඩින් පිරිසක් බවයි.

‘ඉතිරි දවස් දහයත් ඔහොම අල්ලා ගෙන ඉන්න ඕනෑ. තමුන්නාසේලා කරලා තියෙන ප්‍රමාණය ඇති, බදුල්ලේ ප්‍රමාණය හොඳට තියෙනවා. මෙහෙත් නොකෙරි නැහැ, මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරුත් සියඹල ගෙනල්ලා තියෙනවා, එක් කෙනෙක් ඉන්න පුළුවන් සමහර වෙලාවට" කොමසාරිස් මහින්ද දේශප්‍රිය කීවේය.