ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මඩේ එරුණු අලියාගේ වලිගය කපාගෙන

Image caption වලිගය කපා තිබූ අයුරු

පිපාසය නිවා ගැනීම් වස් දිය පොදක් බීමට වැවකට පැමිණි අවස්ථාවේ මඩේ එරුණු අලියෙකු බේරා ගනු වෙනුවට කිසියම් පිරිසක් විසින් අලියාගේ වලිගය කපාගෙන පලා ගොස් තිබේ.

සංදේශයට මේ සිදුවීම විස්තර කරන ලද්දේ උඩවලව දිවයින වාර්තාකරු එච් එස් අබේරත්න විසින්.

වලිගය කපා දැමීමෙන් ඇතිවූ තුවාලයෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් වැව තුළදීම එම අලියා අවසන් හුස්ම හෙලූ බවයි පැවසෙන්නේ.

මේ අතර මඩේ එරී සිටි එම අලියාගේ වලිගය කපා ගෙන ගිය අය සොයා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂණ අරඹා තිබේ.

Image caption රෝගීව මියගිය අලි පැටියා

මාස හයක් වයසැති වයසැති රෝගී අලි පැටියකු සහ අවුරුදු තුන හමාරක් වයසැති අලියා උඩවලවේ මව් පෙදෙසට පැමිණ ඇත්තේ දිය බීම සඳහායි.

අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන යාමෙන් අනතුරුව මියගිය බවයි පැවසෙන්නේ.