අට හැවිරිදි දැරියකට අතවර කර මරා දමයි

මඩකලපුව කාතාන්කුඩි ප්‍රදේශයේ අට හැවිරිදි දැරියක් අසල්වාසී තිදරු පියෙකු විසින් ලිංගික අතවරයට ලක් කොට ඝාතනය කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලද සැකකරු අද අලුයම බදුල්ල දිස්ත්‍රිකයේ පදියන්තලාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ නීතිඥවරු කිසිවෙකු ඉදිරි පත් නොවිය යුතු බව ඉල්ලමින් මඩකලපුව අධිකරණය ඉදිරිපිට එම ප්‍රදේශයේ කාන්තාවන් ඇතුළු සාමාන්‍ය වැසියන් එක් වී විරෝධතාවයක නිරත විය.

ඊයේ සවස එම ප්‍රදේශයේ වර්ෂාව පැවති අවස්ථාවේ, සිය ඥාතියෙකු සමග අසල කඩයකට පැමිණ සිටි මේ දැරියගෙන්, තමන්ව කුඩය යටින් නිවසට ඇරලවනැයි ඉල්ලා සිටි මෙම තිදරු පියා දැරිය එක්කර ගෙන ගිය බව ඥාතීහු පවසති.

රාත්‍රිය වන තෙක් දැරිය නිවසට නො පැමිණි හෙයින් ඇයගේ ඥාතීන් සහ අසල්වැසියන් දැරිය සෙවීමේ යෙදී තිබේ.

සැකකරුවාගේ සොයුරියගේ නිවස දොරගුළු දමා ඇති බව සොයා ගත් පසු පොලිසිය විසින් දැරිය සොයා ගෙන ඇත්තේ නිවස තුලට කඩා වැදී නිවාස පරීක්ෂා කිරීමේදීය.

අත් පා බැඳ දමා , ඇඳක් යට ගෝනියක දමා තිබුණු දැරිය රෝහලට ගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ සිහි නැතිව සිටි දැරිය මිය ගොස් ඇති බව වෛද්‍යවරු ඥාතීන්ට දැනුම් දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර