BBC සිංහල වෙබ් අඩවිය නව නිමාවකින්

Image caption වඩාත් වැඩිදියුණු ප්‍රවෘතිමය අත්දැකීමක් සඳහා

ඔබේ එදිනෙදා ජීවන රටාවට හෝ ඔබේ තාක්ෂණ මෙවලම්වලට ගැලපෙන අයුරින් වඩාත් හොඳ දේ ඔබ වෙත ගෙන ඒම BBC ජනමාධ්‍යවේදයේ අපේක්ෂාවයි.

ඔබේ මෙවලම්වල හැකියාවට සහ ඔබගේ අන්තර් ජාල සම්බන්ධතා වේගයට ඉබේම අනුරූපවන අන්දමින් නව ප්‍රතිචාරාත්මක නිපැයුම සකස් කර තිබේ.

ඔබ ජංගම දුරකථනයකින්, මේසය මත තබන පරිඝණකයකින් හෝ ටැබ්ලට් උපකරණයකින් පුවත් විමසා බැලුවද වඩාත් වැඩිදියුණු ප්‍රවෘතිමය අත්දැකීමක් විඳගැනීමට නොකඩවාම අවකාශ ලැබෙනු ඇත.

පෙර පැවති ආකෘතියේ සිට අලුත් ආකෘතියට මාරුවීම තවමත් සම්පූර්ණවී නැත.

ඔබට අවශ්‍ය දෑ සොයා ගැනීම දුෂ්කරනම් හෝ ඔබගේ යෝජනා වෙතොත් මේ යොමුව මගින් දැනුම් දීමට නොපැකිලිවන්න.