චීන ජනාධිපති දිවයිනට පැමිණෙයි

Image copyright AFP

චීන ජනාධිපති ෂී ජින්පින්ග් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි.

චීන ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පිළිගන්නා ලදී.

ද්විපාර්ෂික සාකච්ඡා

චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද අඟහරුවාදා සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද්විපාර්ෂික සාකච්ඡා පවත්වනු ඇත.

මෙහිදී චීනයත් ශ්‍රී ලංකාවත් අතර ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ගිවිසුම් 20 කට වැඩි ගණනකට අත්සන් තැබේ.

ලක්විජය තාප විදුලි බලාගාරය

චීන ජනාධිපතිවරයා විසින් නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ අවසන් අදියරේ මෙහෙයුම් ආරම්භ කිරීමටද නියමිතයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් හෙට බදාදා කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තයේ සංචාරය කරන අතර එහිදී නායයකන් දෙදෙනා විසින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යෘතියේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කරනු ඇත.