ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුව හරීන් ප්‍රනාන්දු ඉදිරියේ දන ගහලා - රනිල්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ, අඟහරුවාදා රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේ පැවති මැතිවරණ රැළියක් අමතමින් කියා සිටියේ පළාත් සභා මැතිවරණයට දින කිහිපයක් තිබිය දී ඉන්ධන හා විදුලි බිල අඩු කිරීමෙන් පෙන්නුම් කරන්නේ රජය මහ ඇමති ධූර අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ඉදිරියේ දණ ගසා ඇති බවයි.

සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලු ම නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති රැළියට විශාල ජනකායක් රැස්ව සිටියහ.

රැස්වීම අමතමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පැවසුවේ, ඌව මැතිවරණයේ ඡන්ද මංකොල්ලයකට ආණ්ඩුව සුදානම් වන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය පක්ෂයේ මැතිවරණ රැළි වලට පැමිණෙන ජනකායෙන් පෙනෙන බවයි හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් කියා සිටියේ.