විජයග්‍රහණයක් - ජනාධිපති

Image caption 'රජයේ සංවර්ධන ක්‍රියාදාමයට ඌවේ ජනතාව ආශීර්වාද කරලා'

මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඌවට සේම මුළු රටටම වැදගත් ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

සිය රජය රටට ලබා දුන් නිදහස, සාමය මෙන්ම දියත් කළ සංවර්ධන ක්‍රියාදාමයට ඌවේ ජනතාව ආශීර්වාද කොට ඇති බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම විජයග්‍රහණයෙන් තහවුරු වන්නේ රජයට එරෙහිව ගෙන ගිය ප්‍රචාර සහ එල්ල කළ චෝදනා ඌවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව යැයි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

තනි අලියා

මේ අතර ඌවේ ජයග්‍රහණය පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මැතිවරණය සඳහා නවක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අසමත් වීම හරහා තම සන්ධානයට කිසියම් අවාසියක් සිදු වූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සමුළුව පවත්වන ලද දෙමළ ඡන්දදායකයන් සියයට හතළිස් දෙකක් වෙසෙන පස්සර ආසනය සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් වතුකරයේ ඡන්ද තමා වෙත ලැබී ඇති බව පැහැදිලි වන්නේ යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.

‘තනි අලියා’ ලෙසින් හැදින් වූ එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් ජයග්‍රහණය කළ මහියංගණය ආසනය, වර්තමානයේ නියත වශයෙන් සන්ධානය ජය ලබන ආසනයක් බවට පත් වී ඇති බවත් අමාත්‍ය සුසිල් දුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර