හරීන් ප්‍රනාන්දුට ගල් ප්‍රහාරයක්

හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රිය පෙලකට ගල් ප්‍රහාරයක් එල්ල වෙයි.

සවස හාලි ඇල පොලිස් මුරපොළ අසලදී ඊයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව කැෆේ සංවිධානය ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරයෙන් හරීන් ප්‍රනාන්දු ගේ රිය පෙලෙහි ගමන් ගත් වාහන 3 කට පමණ හානි සිදුවී තිබෙන බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි

ගල් ගැසීම් සහ තර්ජනය කිරීම්

හාලිඇළ මැතිවරණ බල ප්‍රදේශයේ දී එජාප ආධාරකරුවන් 6 දෙනෙකුට ස්ථාන කිහිපයකදීම ගල් ගැසීම් සහ තර්ජනය කිරීම් පිළිබඳව වාර්තා වීමත් සමඟ ඔවුන් හමුවීමට ගොස් පැමිණෙමින් සිටියදී හරීන් ප්‍රනාන්දු රැගත් රථ පෙළ මෙම ප්‍රහාරයට ලක්වී තිබේ.

මෙම අවස්ථාවෙදී ප්‍රාදේශීය මාධ්‍යවේදියකුද පහරකෑමට ලක්ව ඇති අතර ඊට විරෝධය පෑම සඳහා අද බදුල්ල නගරයේ දී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් විරෝධතාවක් පවත්වන ලදී.

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට මැදිහත් වන ලෙස මොණරාගල දිසාපතිවරයා සහ කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර අපේක්ෂකයන්ට ආරක්ෂාව සලසන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සවස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර