ක්‍රිස් නෝනිස්ට එරෙහිවත් 'පරීක්ෂණයක්'

Image caption බහින් බස්වීමක් ඇති වූ නමුත් කිසිදු පහරදීමක් සිදු නොවුණු බව මන්ත්‍රීවරයා පවසයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ට පහර දීමේ චෝදනාව සහ මහකොමසාරිස්වරයාට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්‍ෂෙනුකා සෙනෙවිරත්න ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කොට තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස නිකුත් කොට තිබුණු නිවේදනයකයි, ඒ බව සඳහන් වෙන්නේ.

මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ට එරෙහිවද පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව මින් පෙර අනාවරණය වී නොතිබුන අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ඉදිරිපත් කළ පැමිණිල්ලට ඇතුලත් චෝදනාව කවරක්ද යන්න නිවේදනයේ සඳහන් නොවේ.

මේ අතර තමන්ට පහර දුන් බවට පළ වූ වාර්තා පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් සිකුරාදා නිවුස්ෆස්ට් නාලිකාවට ප්‍රකාශයක් කරමින් තමන්ට පහරදීම හේතුවෙන් මහකොමසාරිස් ධුරයෙන් ඉල්ලා අස් වූ බව පවසා තිබුණි.

ක්‍රිස් නෝනිස්ට පහරදුන් බවට චෝදනා ලබා සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සිරස මාධ්‍ය ජාලයට පවසා තිබුනේ තමන් සහ මහකොමසාරිස්වරයා අතර බහින් බස්වීමක් ඇති වූ නමුත් එහිදී කිසිදු පහරදීමක් සිදු නොවුණු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර