අපි සහභාගී නොවෙමු - උතුරේ මහ ඇමති

Image copyright AFP

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 13 දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට නියමිත විශේෂ ඒකාබද්ධ දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට සහබාගි නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරම් පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන මහ ඇමති විග්නේශ්වරන් කියා සිටින්නේ තම පළාත් සභාවට එරෙහිව මධ්‍යම රජය ජනතාව නොමග යවන ප්‍රචාරයන් සිදු කරන බව.

උතුරේ සංවර්ධනය පිණිස රුපියල් බිලියන හයක් වෙන්කර ඇති බවත් එයින් සුළු ප්‍රමාණයක් පමණක් වැය කිරීමට උතුරු පළාත් සභාව ක්‍රියා කර ඇති බවටත් රජය කරන ප්‍රකාශය ඔහු ප්‍රතිෂේප කරයි.

ඉඩම් බල පත්‍ර

ඔක්තෝබර් 12 දා කිලිනොච්චියේදී පුද්ගලයන් විසිදහසකට ඉඩම් බල පත්‍ර බෙදා දීමට රජය තීරණය කිරීම මැතිවරණ උප්පරවැට්ටියක් ලෙස තම ලිපියෙන් චෝදනා කරන ප්‍රධාන ඇමති විග්නේශ්වරන් මෙවැනි කපටිකම් වලට සහය දැක්වීමට මහජන නියෝජිතයන්ට උතුරේ ජනතාව බලය පවරා නොමැති බවයි කියා සිටින්නේ.

මේ අතර රජය කියා සිටින්නේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශයන්ට අනුකූලව ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර