මහින්ද පරාජය කරනවා - රතන හිමි

ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කළහොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ පවසති.

දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය පක්ෂය ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන 'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' රැස්වීම අමතමින් කියා සිටියහ.

2009 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවරක් විධායක ජනපති පදවිය හෙබවූ තැනැත්තෙකුට යළිත් වතාවක් තරඟ වැදීමට තිබූ බාධාව ඉවත් කෙරුණු අතර, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභාද අහෝසි කෙරිණ.

මාදුළුවාවේ සෝභිත හිමියන්, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍යවරුන්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගි වී සිටියහ.

රැස්වීමට සහභාගිව සිටි ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂඅතුරලිය රතන හිමියන් සභාව අමතන අවස්ථාවේ එහි සිටියේ නැත.