ජයලලිතාට ඇප

Image copyright Getty

දූෂණ චෝදනාවලට වැරදිකරු බව තීන්දු කෙරුණු තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට ඇප ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අසාමාන්‍ය ධනයක් රැස් කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු මහ ඇමැතිනියට වසර හතරක සිරදඬුවමක් නියම වී තිබිණි.

ඇය අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන කාන්තාවක බවත් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කොට ඇති බවත් පෙන්වා දුන් හිටපු මහ ඇමැතිනියගේ නීතිවේදීහු ඇප ලබා දෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.