ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පඩි වැඩි කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක්

අයවැයෙන් සහන ලබා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව අඟහරුවාදා විරෝධතාවයක් පැවැත්වූහ.

සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 10,000 ක අවම වැටුප් වැඩි වීමක් අවශ්‍ය බවයි කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති විරෝධතාවයට එක් වූ උද්ඝෝෂකයින් කියා සිටියේ.

විරෝධතාවය අතරතුර සංදේශයට අදහස් දැක්වූ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ ආණ්ඩුවේ දූෂණය හා නාස්තිය අවම කරන්නේ නම් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීම ඉතා පහසු වනු ඇති බවයි.

මෙවර අයවැය 'මැතිවරණ අයවැයක්' බව පවසන සමන් රත්නප්‍රිය වැඩ කරන ජනතාව බලාපොරොත්තු වන්නේ තාවකාලික සහන නොව දීර්ඝ කාලීන ස්ථීර විසඳුම් බව අවධාරණය කළේය.