තවත් කාන්තා මළ සිරුරක් හමුවෙයි

Image caption මළසිරුරු සෙවීම අත් නොහරින බවයි ආරක්ෂක අංශ පවසන්නේ

මීරියබැද්දේ සිදු වූ නාය යාමෙන් පණ පිටින් වැල ලී යන්නට ඇති බවට සැලකෙන පිරිස් සෙවීමේ යෙදී සිටින ආරක්ෂක හමුදා සහ සහන සේවා කණ්ඩායම් විසින් තවත් කාන්තා මළ සිරුරක් සොයා ගනු ලැබූ බව වාර්තාවෙයි.

මේ අනුව මෙතෙක් සොයාගෙන ඇති මළසිරුරු සංඛ්‍යාව පහක් බවයි එම ප්‍රදේශයට ගොස් සිටින මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සංදේශයට පැවසුවේ.

ඉතිරි මළ සිරුරු සොයා ගැනීම සඳහා මෙහෙයුම් දිගටම සිදු කෙරෙන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

මෙම නාය ගිය අක්කර දහයක පමණ භුමි භාගය දෙපස ඉවුරු වල පදිංචිව සිටින පවුල් සහ දැනට කොස්ලන්දේ රඳවා ඇති පවුල් 7 ද ඇතුළුව පවුල් 84කට අයත් පිරිස් පුනාගල විද්‍යාලයට රැගෙන විත් සහන සේවා කටයුතු විධිමත් කොට වෙනත් ස්ථානයක කඳවුර ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවයි ලසන්ත වැඩිදුරටත් පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර