මයුරි පැහැර ගැනීම: පොලිසියේ සම්බන්ධයක් නෑ'

Image copyright b
Image caption මයුරි ඉනෝකා "කරන ප්‍රකාශ පිටුපස සමහර බලවේග තිබෙන්න පුළුවන් පොලිසියේ කීර්තිනාමය නැති කරන"

සෙනසුරාදා රාත්‍රියේ අනුරාධපුරයේදී මයුරි ඉනෝකා කුමාරි ජයසේන දෙදරු මව පැහැර ගැනීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පසුගිය වසරේ සැප්තැම්බරයේදී ඇයගේ සැමියා මධුෂ්ක හරිස් ද සිල්වා ගේ අතුරුදහන්වීමට අනුරාධපුරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධ බවට මයුරි ඉනෝකා කරන චෝදනාවද පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රතික්ෂේප කරයි.

සෙනසුරාදා රාත්‍රියේ මයුරි ඉනෝකා පැහැර ගැනීම සම්බන්ධ 'ඉතා වැදගත් සාක්ෂි' අනාවරණය වී තිබෙන බවද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අතුරුදහන් වූ සිය සැමියා ඉතා ඉක්මනින්ම යලි නිවසට එනු ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න ඇතුළු පිරිසක් සැමියාගේ පියාට දුරකථනයෙන් දැනුම් දී ඇතැයි පවසන මයුරි ඉනෝකා එබැවින් සැමියාගේ අතුරුදහන් වීමට ඔහුත් සම්බන්ධ යයි සැකකරන බවට චෝදනා කරමින් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දිවුරුම් පෙත්සමක් යොමු කොට තිබේ.

එහෙත් එවැනි චෝදනාවක් එල්ල කිරීමට ඇය සතුව තිබෙන සාක්ෂි මොනවා දැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රශ්න කරයි.

"ඇය විසින් කරන ප්‍රකාශ පිටුපස සමහර බලවේග තිබෙන්න පුළුවන් පොලිසියේ කීර්තිනාමය නැති කරන," යනුවෙන්ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ පැහැර ගැනීමට ලක්වීමෙන් අනතුරුව නොච්චියාගම පොලිස් ස්ථානයේදී තමන් ගණිකාවක ලෙසින් හැඟවෙන ආකාරයෙන් අපහාස කළ බවට මයුරි ඉනෝකා කරන චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර