මංගල, සජිත් පොදු විපක්ෂයේ රැළියේ

‘ඒකාධිපති බලතල අහෝසි කරන දූෂණයට වැට බඳින ජන රැල්ල’ නමින් විපක්ෂයේ ඒකාබද්ද පක්ෂ හා අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය මෙහෙයවන ජනරැළිය මේවනවිට කොළොඹ ගංගාරාමයේ මුත්තයියා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.

පසුගියදා ආණ්ඩුවට එක්වෙන බවට මත පළවූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර සහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කිරීමට විරෝධය පළ කරන බව පවසන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් මෙම රැළියට එක්ව සිටීම විශේෂත්වයක්.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අගවිනිසුරු සරත් සිල්වා, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, ජාතික හෙළ උරුමයේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතළු නායකයන් පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ද මෙම රැළියට එක්ව සිටියි.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළකිරීම සදහාද විශේෂ රැළි දෙකක් අද කොළඹදී පැවැත්වෙමින් තිබේ, 'රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු' මැයෙන් ජාතික සංවිධාන එකමුතුව සංවිධාන කළ මහජන රැළිය මේවන විට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සුරකිමු ලංකා සංකල්පය සංවිධානය කරන රැළිය කොළොඹ හයිඩ් පාක් පිටියේදී පැවැත්වෙමින් තිබේ.