ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලොවින් සමුගත් වයෝවෘද්ධම හෝටල් සේවකයා

කොළඹ ගාලු මුවදොර හෝටලයේ වසර 72 සේවය කළ දොරටු පාලක කොට්ටරප්පු චත්තු කුට්ටන් අනූ හතර වසක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය.

ඔහු සැලකෙන්නේ ලෝකයේ වයෝවෘද්ධම හෝටල් සේවකයෙක් ලෙසින්.

දිවියෙන් සමුගත් කුට්ටන් හමුවීමට ගිනස් ලෝක වාර්තා පොතෙන්ද පැමිණි බව ගාලු මුවදොර හෝටලයේ බලධාරීහු පවසති.

කුට්ටන් සිය හෝටලයට 'වටිනා තරුවක්' වූ බවයි, ගාලු මුවදොර හෝටලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂිකා මහිකා චන්ද්‍රසේන බීබීසී සංදේශයට කියා සිටියේ.

1942 දී වේටර්වරයකු ලෙසින් හෝටලයේ සේවයට බැඳුනු ගැටවර කුට්ටන් දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වූවෙක්.

ගාලු මුවදොර හෝටලයේ 150 වැනි සංවත්සරයට සහභාගි වීම ඔහුගේ අවසාන බලාපොරොත්තුව වූ නමුත් ඔහුට එම සිහිනය සැබෑ කරගත නොහැකි වූ බවත් මහිකා චන්ද්‍රසේන සංදේශයට කියා සිටියාය.