ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරේ

Image copyright president.gov.lk

ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබෙන බව මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ෆැක්ස් පණිවිඩයක් ජනාධිපති කාර්යාලයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට මින් මොහොතකට පෙර ලැබුණු බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය

නියමිත කාලයට වසර දෙකකට පෙර ලබන ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඊයේ රාත්‍රියේ පළ වූ අතර ඒ අනුව අද(20) දහවල් 1.30ට පමණ ජනාධිපතිවරයා අදාළ නියෝගයට අත්සන් කළ බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

ජනවාරි 03 වැනි දින හෝ 07 වැනි දින මී ළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත නමුත් දෙසැම්බර් මස දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් ජනවාරි 03 වැනි දින මැතිවරණය පැවැත්වීම ඉතා දුෂ්කර බව මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර