පොළොන්නරුවේ උත්සවකාරී තත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන රජයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පොලොන්නරුවේ ජනතාව රතිඤ්ඤා දල්වමින් අත්පොළසන් ගසමින් ප්‍රීති ගෝසා පැවැත් වූ බව යි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන් ම එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් බීබීසී යට අදහස් පළ කරමින් ප්‍රධාන පක්ෂ දෙකටම අයත් නගර වැසියන් කියා සිටියේ, මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාගේ තීරණයට තමන් සහයෝගය පළ කරන බවයි.

පොලොන්නරුව නගරය තුළ අද සවස් වරුවේ දැඩි කලබලකාරි වාතාවරණයක් දකින්නට ලැබුණි.

ජනවාරි අට වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන හිටපු ඇමතිවරයා ඉදිරි දිනක පොලොන්නරුවට පැමිණෙන විට ඉතා ඉහළ මට්ටමින් ඔහු පිළිගැනීමකට තමන් සූදානම් බවයි එම ජනතාව කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර