ශ්‍රීලනිප නව මහ ලේකම්

Image copyright petroleummin.gov.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා හැටියට ඛනිජ තෙල් කටයුතු භාර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා පත් කරනු ලැබ ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දීයි එම තීන්දුව ගෙන තිබෙන්නේ.

නව මහ ලේකම්වරයා අද (22) උදේ වරුවේ සිය පදවියේ වැඩ භාර ගනු ලැබීමට නියමිතව සිටියේය.

එම පදවියේ පුරප්පාඩුවක් ඇති වුණේ සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂ සන්ධානයට එක් වීමත් සමඟයි.

නව මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරයි.