ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලන ඉදිරිය - මැති ඇමති ඇසින්

නව අය- වැය විවාදය අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී දේශපාලන පිල් මාරු සිදු විය හැකි බවට මත වෙමින් තිබුනත් එවැනි කිසිවක් අද(24) පාර්ලිමේන්තුව තුළ සිදු නොවුනි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු ඇතුළු පිරිසක් ආණ්ඩුවට ද, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ද සහයෝගය පළ කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට පළ වෙමින් තිබුණ වාර්තා නිසා අද පාර්ලිමේන්තුව උණුසුම් තත්වයකුයි පැවතුණේ.

සභානායක නිමල් සිරිපාල ද සිල්වාගේ ඉල්ලීම අනුව අය- වැය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසීම සිදු කෙරුණ අතර එහි දී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු පිල් මාරුවකින් තොරව ඡන්දය ප්‍රකාශ කළහ.

ඒ අනුව 2015 වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුව තුළ බහුතර ඡන්දයෙන් සම්මත විය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය මන්ත්‍රී කණ්ඩායම අය-වැය ඡන්ද විමසීමට සහභාගී නොවුණි.

කුමන්ත්‍රණ න්‍යාය

අය- වැය ඡන්ද විමසීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන්ගේ අදහස් විමසීමට බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන්ට අවස්ථාව ලැබුණි.

එම අවස්ථාවේ මාධ්‍යයට අදහස් දැක් වූ අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන කියා සිටියේ අය-වැය පරාජය කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය පහසුවෙන් පරාජය කිරීමට ආණ්ඩුවට හැකි වූ බවයි.

එහෙත් අය- වැය පරාජය කිරීමේ කිසිදු සැලැස්මක් විපක්ෂයට නොතිබුණු බවයි එක්සත් පක්ෂය වෙනුවෙන් අදහස් දැක් වූ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා පවසන්නේ.

මැති ඇමතිවරුන් එම අවස්ථාවේ පළ කරන ලද අදහස් වලට මෙම වීඩියෝ පටය මගින් ඔබට සවන් දිය හැකියි.