ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆයිල් ළඟ තබා ගෙන කරන්නේ රටට විනාශයක් - අර්ජුන

මැති ඇමතිවරුන්ගේ ලිපි ගොනු තමා ළඟ ඇත්නම් ප්‍රසිද්ධියට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

එසේ මැති ඇමතිවරුන්ගේ ලිපි ගොනු ළඟ තබා ගෙන රට පාලනය කරන්නේ නම් එය රටට කරන විනාශයක් බවයි, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඊයේ, අඟහරුවාදා ප්‍රකාශ කළේ.

ඡන්ද ව්‍යාපාරයට ප්‍රවේශවී සිටින මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ආණ්ඩුවේ සිටින මැති අමතිවරුන්ගේද ලිපි ගොනු ප්‍රසිද්ධ කොට රට හරි මාර්ගයට ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මැතිවරණයක් පැවැත්වෙන කාලය තුළ ෆයිල් ළඟ ඇති බව ප්‍රකාශ කරමින් වැදගත් තීරණ ගන්නා පුද්ගලයන්ගේ කීර්තිනාමයට හානි නොකරන ලෙසටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.