ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විධායක ජනපති ක්‍රමය: වීදි විරෝධතාවයක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමේ ‘විදියේ විරෝධතාවය’ ලෙස නම් කළ පාගමනක් කොළඹදී පැවැත්විණි.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිවිල් සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද විරෝධතාවය ආගමික වතාවත්, නැටුම් ගැයුම් ඇතුළු කලා අංගවලින් සමන්විත විය.

‘අඩුම ගානේ ජාත්‍යන්තරයේ තියන මිනී මරණ රටක්, අතුරුදහන් කරන රටක්, පොලිසියේදී මිනී මරණ රටක්, නීතිය කඩා වැටිච්ච රටක්, මිනිස්සුන්ට කතා කරන බැරි රටක්. ඒ අපේ රටට විරුද්ධව තියන දේ නැති කරන්න නම් යහපාලනය සහිත ක්‍රමයක් හදන්න වෙනවා’ යනුවෙන් විරෝධතාවය සංවිධානය කළ සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු අදහස් දක්වමින් පැවසුවේය.

විරෝධතාවයට රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාද එක් වී සිටි අතර ඔහු කියා සිටියේ දේශපාලන වෙනසක් පමණක් නොව රටේ ජනතාවට දැනෙන වෙනසක් යෝජිත ප්‍රතිසංස්කරණ වලින් සිදු විය යුතු බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම පිරිහීමට හේතු වී ඇති වත්මන් මැතිවරණ ක්‍රමය අහෝසි කිරීම ඉදිර්යේදී තම රජයක් ඔස්සේ සිදු කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් දක්වමින් පැවසුවේය.

විරෝධතාවය අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස සිවිල් සංවිධානවලින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇතුළත් සංදේශයක් දේශපාලන පක්ෂ නායකයන් වෙත භාර දෙනු ලැබීය.