ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆිල් හියුස් ක්‍රීඩකයා සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂාව

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වූ ෆිල් හියුස් (Phillip Hughes) වමතින් පිත්ත හසුරුවන්නෙක්.

ඔහු මුහුණ දුන් ටෙස්ට් තරඟ විසි හයක් සහ ජාත්‍යන්තර එක් දින තරඟ විසි පහක්.

ඔහු විස්සයි විස්ස එක් තරගාවලියකටත් සහභාගී විය.

ෆිල් හියුස්, ක්‍රිකට් පිටියේ ජාත්‍යන්තර තලයට පිවිසියේ වයස අවුරුදු විස්සේ දීයි.

ඒ 2009 වසරේ දී දකුණ අප්‍රිකාව සමඟ පැවති තරඟයකට මුහුණ දෙමින්.

ඔහු එංගලන්තයේ මිඩ්ල්සෙක්ස්, හැම්ප්ෂයර් සහ වුස්ටර්සයර් යන ප්‍රාන්ත ක්‍රිකට් තරඟ වලට සහභාගි විය.

ලෝක වාර්තාවක්

ෆිල් හියුස් ක්‍රිකට් පිටියේ ලෝක වාර්තාවක් ද තැබූ ක්‍රීඩකයෙක්.

ඒ 2013 වසරේ අළු බඳුන තරඟාවලියේදී එංගලන්තය හා පැවති තරඟයේ දහ වැනි විකට්ටුවේදී ඇස්ටන්අගාර් (Ashton Agar) සමඟ ලකුණ 163 සම්බන්ධතාවක් පවත්වා ගනිමින්.

ෆිල් හියුස් ටෙස්ට් තරගයක දී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 160 ක් වන අතර එක් දින ජාත්‍යන්තර තරගයක දී ලබා ගෙන ඇති වැඩිම ලකුණු ගණන 138 ක්.

මෙම අවාසනාවන්ත සිද්ධියට ඔහු මුණ දෙන විට පිල් හියුස් සිටියේ සිඩ්නි නගරයේ පැවැත්වුන පළමු පන්තියේ අභ්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟයකට මුහුණ දෙමින්.

නිව් සවුත් වේල්ස් ක්‍රීඩා සමාජයේ පන්දු යවන ක්‍රීඩක සෝන් ඇබට් ගේ 'බවුන්සර්' පන්දුවකට පහරක් එල්ල කළ අවස්ථාවේ එම පන්දුව ඔහුගේ හිසෙහි වැදීමෙන් අනතුරුවයි ෆිල් මේ විපතට ගොදුරු වුනේ.

ක්‍රීඩාවේ ආරක්ෂාව

පැයට කිලෝමීටර් එක සිය පනහකට ආසන්න වේගයකින් පැමිණි පන්දුව ආරක්ෂක හිස් වැස්මේ පහළ දාරය අසලින් ක්‍රීඩකයාගේ හිස් කබලේ පහළ කොටසේ වැදී ඇති බවට යි සැලකෙන්නේ.

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂාව සාකච්ඡාවට ලක් වෙමින් තිබේ.

ෆිල් හියුස් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුවත් අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂාව ඉතා හොඳ මට්ටමක පවතින බවයි ක්‍රිකට් විශ්ලේෂකයකු වන සයිමන් හියුස් (Simon Hughes) බීබීසිය සමඟ පැවසුවේ.