හිරුණිකාගේ සහායත් මෛත්‍රීට

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා තමා විපක්ෂය හා එක් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා තමා ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වන බවයි.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනීයද සහභාගී වී සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර