ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දැන්වීම් කලාව වෙනස් වෙලා -ලක්බිම කර්තෘ

ජනාධිපති ධුරාපේක්‍ෂකයන් නාම යෝජනා භාර දෙන දිනයේ වෙළඳපළට පැමිණි ජාතික පුවත් පත් බොහොමයක මුල් පිටුවෙහි පළ වී තිබුණේ 2009 දී යුද ජයග්‍රහණය කළ දින එම පුවත් පත විසින් පළ කරන ලද මුල් පිටුවමයි.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් යළිත් යුද ජයග්‍රහණය සිහිපත් කරවීම උදෙසා පළ කළ මෙම මුල් පිටුව, මුදල් ගෙවා පළ කළ දැන්වීමකි.

ජාතික පුවත් පත් හැටියට මාධ්‍ය සම්ප්‍රදායන් සහ සදාචාරයන් අමතක කරමින් සිය මූල්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දී ඇති බවට ඇතැම් මාධ්‍යවේදීහු චෝදනා කරති.

නමුත්, වෙළඳපළ තුළ මුද්‍රිත මාධ්‍ය පවත්වා ගෙන යාමට පවතින අසීරුතාව සහ දැන්වීම් කලාවේ සිදු වන විප්ලවීය වෙනස් කම් හමුවේ මාධ්‍ය සම්ප්‍රදායන්ද වෙනස් වෙමින් පවතින බවයි ලක්බිම පුවත් පතේ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂස් කියා සිටින්නේ.

‘මේකෙන් මම අදහස් කරන්නේ නැහැ අපි ඕනෑම දෙයක් කරනවා කියන එක. මේ දැන්වීමෙන් පාඨකයන් නොමඟ යැවීමක් සිදු කරලා නැහැ. මේක පරණ සිදුවීමක් බව බැලූ බැල්මටම තේරෙනවා. හැමෝම දන්නවා අද යුද්ධයක් නැහැ කියල. මේ සිරස්තලයත් එක්ක පේනවා අතීත සිද්ධියක් තමයි මේ සිහිපත් කරන්නේ කියලා.’ ලක්බිම පුවත් පතේ කර්තෘ අනුර හොරේෂස් බීබීසීයට පැවසීය.

පවතින තරඟකාරී මාධ්‍යකරණය තේරුම් ගනිමින් වගකීම් සහගතව සිය මාධ්‍යකරණය කර ගෙන යාම සඳහා තමන්ට නිදහසක් ලැබී ඇති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවේ සම්පුර්ණ හඬ පටයට සවන් දෙන්න.