ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොදු අපේක්ෂක මංගල රැළිය මහනුවර

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ලබා නොදුන්නොත් ඡන්දය පසෙකින් තබා ජනතාව සමග වීදි බසින බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

අඟහරුවාදා සවස මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේදී පැවති තම මංගල ජන රැළිය අමතමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

තම ජයග්‍රහණය ස්ථිර බව ප්‍රකාශ කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සටනට පැමිණියේ මහින්ද රාජපක්ෂගේ දූෂිත ආණ්ඩුවේ තර්ජනවලට මුහුණ දීමට සුදානම්ව බවයි පැවසුවේ.

" බියෙන් ජීවත් වනවාට වඩා, නිවට කමින් ජිවත් වනවාට වඩා, ජනතාවගේ නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සතුටින් ජීවිතය පූජා කරන්නයි මම ඇවිල්ලා ඉන්නේ"

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ සමඟ අඟහරුවාදා පෙරවරුවේ දළදා සමිඳුගේ ආශීර්වාදය ලබා ගත්හ.

ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.