නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් මෛත්‍රීට

කඳුරට වතුකරයේ වැවිලි කම්කරු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවේ දෙමළ දේශපාලන නායකයෝ දෙදෙනෙක් අද(10) ආණ්ඩුවෙන් ඉවත් වූහ.

ජාතික භාෂා සහ ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය ඇමති පී.දිගම්බරම් සහ උද්භිද උද්‍යාන සහ විනෝද කටයුතු භාර නියෝජ්‍ය ඇමති පී.රාධක්‍රිෂ්ණන් කොළඹ විපක්ෂ ලේකම් කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ඔවුන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළහ.

ආණ්ඩුවෙන් ඉවත් වූ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනාම කියා සිටියේ,ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ සහයෝගය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ලැබෙන බවයි.