ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාමල් වීදි ප්‍රචාරක ව්‍යාපාරයේ

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සමග ජනතාව අත්වැල් බැදගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ අද (13) හලාවතදී වීදි ප්‍රචාරක ව්‍යාපාරයකට එක් වෙමින්.

‘ජනාධිපතිවරයා කිව්වොත් කිව්වා. ආයේ දෙකක් නැහැ , රෑට කාලා උදේ මාරු වෙන්නේ නැහැ.විශ්වාස කරන්න පුළුවන් නායකයෙක්’ ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ පවසයි.

හලාවත නගරයේ වීදි බැස ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදමින් ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයකයන් වෙත මහ ජනතාව විසින් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළහ.

තම පුත්‍රයාට පහර දුන් හලාවත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක වයඹ පළාත් සභා මන්ත්‍රී සාන්ත සිසිර කුමාර මේ වන විටත් නිදැල්ලේ සිටින බව කියා සිටි කාන්තාවක් ඊට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටි අතර , වසර විස්සකින් අලුත්වැඩියාවක් නොකරන ලද හලාවත අඹකදවිල මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වුණි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හලාවත විහාරස්ථානයට හා මුන්නේස්වරම හින්දු කෝවිලට ගොස් ආගමික වතාවත් වල නිරත වූ බව බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න වාර්තා කරයි .

මේ අතර බීබීසියට ප්‍රකාශයක් කළ හලාවත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සාන්ත සිසිර කුමාර වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා තමාට එරෙහිව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට ඉදිරිපත් කෙරුණ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.