නැගෙනහිර පන්ලක්‍ෂයක් ගංවතුරින් පීඩාවට

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සතියක පමණ කාලයක සිට අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නැගෙනහිර පළාතේ පන්ලක්‍ෂයක් පමණ ජනතාව පීඩාවට ලක් වී සිටිති.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරන්නේ ජල ගැල්ම හේතුවෙන් නැගෙනහිර පළාතේ තිදෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි.

මේ අතරතුර අම්පාර ප්‍රදේශයට ද ගංවතුර තර්ජනය දැඩි ලෙස බලපා ඇති බවත් නිවාස යට වීම නිසා විශාල පිරිසක් අවතැන් වී ඇති බවත් එම ප්‍රදේශයේ සංචාරයක යෙදුණු වසන්ත චන්ද්‍රපාල බීබීසීයට පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අම්පාර ප්‍රදේශයේ පවතින ගංවතුර තත්වය නිසා පවුල් අට දහසකට අයත් විසිඅට දහසක් පමණ දෙනා පීඩාවට පත්ව ඇති බවයි අම්පාර දිසාපති කාර්යාලය පවසන්නේ.

පහත් බිම් ජලයෙන් යට වීම, වැව් පිටාර ගැලීම හා ඒවායේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මාර්ග ජලයෙන් යට වී ගමනාගමනය ද අඩාල වී තිබේ.