ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගංවතුර බැලීමට පැමිණි තරුණයෙකු දියට බිලි

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන පහක් වන අතර, ගං වතුර බැලීමට පැමිණ හලාවත දෙවාලහන්දිය සියබලන්කොටුව ජලාශයේ ජල ක්‍රීඩාවේ නිරත වූ තරුණයෙකු අතුරුදන් වූ අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් විණි.

මුන්දලම පදිංචිකරුවෙක් වන දාහත් හැවිරිදි තරංග දේශාන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නැත.

මේ දිනවල ශ්‍රී ලංකාව පුරාම පවතින ඉතා අයහපත් කාලගුණය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ද අභියෝගයක් වී ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක හයලක්ෂ පනස් දහසකට අසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විපතට පත් වූ ජනතාවට සහන සැලසීමට රජය පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.

ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ අසූ දහසකට අසන්න ජනතාවක් මේ වන විට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වල පදිංචි කර ඇත.

හලාවත පුත්තලම ප්‍රදේශයේ ජනයාට නත්තල සැමරීමත් අහිමි වූ බවයි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ.