ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සන්ධානයට 'ශ්‍රීලනිප' ප්‍රහාරයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිංගිරියේ වීරකොඩියාන, වතුවත්තේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කොට ඇත.

ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු සඳහා එම කාර්යාලය පිහිටුවා තිබෙන්නේ උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී, බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ ලේකම් ටිකිරි බණ්ඩාර නෙළුම්දෙණියට අයත් නිවස සහිත ඉඩමේයි.

ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් තමාට සහ තම සහෝදරයකුට ද පහර දී නිවසේ බඩු ,භාණ්ඩ කීපයකට හාණි සිදු කොට ජනාධිපති මෙහෙයුම් කාර්යාලයට ද හානි සිදු කළ බවයි ටිකිරි බණ්ඩාර නෙළුම්දෙණිය පවසන්නේ.

එම පහර දීමට ආසන්නතම හේතුව තමා 'විපක්ෂයේ පොදු අපේක්ෂකයා සඳහා සහයෝගය දීම ප්‍රතික්ෂේප කිරීම' බවත් ටිකිරි බණ්ඩාර නෙලුම් දෙනිය පවසයි.

පහර දීමට පැමිණි පුද්ගලයන් අතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් ද සිටි බවයි ටිකිරි බණ්ඩාර නෙලුම්දෙණිය වැඩිදුරටත් කියා සිටියේ.