අතුරුදහන් වූ යානය: මළසිරුරු හතළිහක් ගොඩ ගනියි

Image copyright EPA

අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සිටි මගීන්ගේ බවට විශ්වාස කෙරෙන මළසිරුරු හතළිහක් මුහුදෙන් ගොඩ ගත් බව වාර්තා වෙයි.

පසුගිය ඉරිදා අතුරුදහන් වූ ගුවන් යානයට අයත් යැයි විශ්වාස කෙරෙන සුන්බුන් සොයා ගත් බව ඉන්දුනීසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

Image copyright AP
Image copyright AFP

ඉන්දුනීසියාවට නුදුරු මුහුදේ තිබී සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් විසින් සොයා ගනු ලැබූ සුන්බුන් අතරට ගුවන් සමාගමේ නිල වර්ණ සහිත කොටස්ද ඇතුළත්.

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටියදී ගුවන් යානය අතුරුදහන් වූ අතර ඒ තුළ මගීන් එක සිය හැට දෙදෙනෙක් ගමන් ගත්හ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර