නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට

Image copyright nandimithraekanayake.com

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක විපක්ෂ සන්ධානයට එකතු වූ අලුත්ම ඉහල මට්ටමේ දේශපාලනඥයා වෙයි.

අද, නව වසරේ ජනවාරි පළමුවෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ජනවාරි අට වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට තම සහයෝගය ලැබෙන බවයි.

එම මාධ්‍ය හමුවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරියත් සහභාගී වූවාය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස පැවැත්වුන මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක කියා සිටියේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු වීම රටට යහපතක් වන බව තමාගේ තේරුම් ගැනීම වන බවයි.

එම තේරුම් ගැනීම අනුව මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කරන බවයි ඔහු පවසන්නේ.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක සමඟ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායකත් විපක්ෂ සන්ධානයට එක් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර