ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අධ්‍යාපන ඇමති සමු ගනී

ජනාධිපතිවරණයේ දී මහජනතාව විසින් ගනු ලැබුණ තීන්දුවට ගරු කරන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

එම මහජන තීන්දුවට හිස නමින් බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ පදවියෙන් ඉවත් වූ බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද (09)කැබිනට් මණ්ඩලය හිටපු ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ මොනවාදැයි බීබීසී සංදේශය විමසූ විට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියා සිටියේ ‘එය තම කණ්ඩායම්’ රැස්වීමක් වූ බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් තිබේදැයි බීබීසී වාර්තාකරු ප්‍රශ්න කළ විට සිනාමුසු වූ ඇමතිවරයා ‘බලමු’ යයි කියා සිටියේය.