ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපි පරාද නැහැ -මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වී ඔහුගේ උපන් ගම වන මැදමුලන බලා පිටත්ව ගියේය.

මැදමුලන ජනතාව හිටපු ජනාධිපතිවරයා ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ.

රැස්ව සිටි පිරිස ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයට හිස නැමිය යුතු බවයි.

'අපි පරාද නැහැ'

‘අපි පරාජය වී නැහැ. අපි එක්තරා විදියකින් උතුරු නැගෙනහිරින් ආ ඡන්ද ප්‍රමාණයත් වතුකරයෙන් ආ ඡන්ද ප්‍රමාණයත් නිසා තමයි අපි පරාද. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි හිස නමන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයට.’

‘තමුන්නාන්සේලා ඉතිහාස ගත වන ඡන්දයක් දීල තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. විශේෂයෙන්ම මුල්කිරිගල ආසනයෙන්, බෙලිඅත්ත, තංගල්ල සහ තිස්සමහාරාම ආසනවල. ඒ ගැන අපේ ස්තුතිය පුද කරනවා. තමුන්නාන්සේලා වෙනුවෙන් හැමදාම අපි ඉන්නවා කියල මතක් කරනවා.’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවසට රැස්ව සිටි ජනතාව අමතා පැවසීය.