නැගෙනහිර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සන්ධානයේ ආධාරකරුවන්ට හිංසා පීඩා සහ පහර දීම් සිදු කර ඇති බව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (ඉරිදා) අම්පාර නගර සභා තානායමේ පැවති මාධ්‍ය හමුවකදීයි.

දෙහි අත්ත කණ්ඩියේ දෙදරු මවකට තර්ජනය කර ඇති බවත් සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයාට පහර දී ඇති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ටද තර්ජනය කර ඇති බවත් නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය විමලවීර දිසානායක පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාත සභා මන්ත්‍රී ඉනය භාරතී කියා සිටියේ තමාට දෙමළ ජාතික සන්ධානයේ ආධාර කරුවන්ගෙන් හිංසා පීඩා සහ තර්ජන එල්ල වුනු බවයි.

මේ පිළිබඳව විමසා බැලීමට අම්පාරේ දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක විය.

තම නිවසට පැමිණි උදවිය දැක්වෙන වීඩියෝ පටයක්ද පළාත් සභා මන්ත්‍රී ඉනය භාරතී මාධ්‍ය හමුවට ඉදිරිපත් කර තිබේ.

මෙම වීඩියෝ පටයේ නිරවද්‍ය භාවට තවම සනාථ වී නැත.