ශ්‍රීලනිපයේ නායකත්වය මෛත්‍රීට හිමි වන ලකුණු

අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මැති ඇමතිවරු තිස් දෙනෙකු සහාය පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කටයුතු කළ මැති ඇමතිවරු තිස් දෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිවසට පැමිණ ඔහුට සහාය පළ කරන්නේ යැයි පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර එම ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමි වන බවයි.