ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ

දූෂිතයන්ට දඬුවම් ලබා දීමට පසුබට නොවන බවත් මීළඟ මැතිවරණයේදී දූෂිතයන් තෝරා පත් කර ගැනීමෙන් වැළකී සිටින ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නිදහස් චින්තනයේ අයිතිය ලබා දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.

බීබීසීයට අදහස් දක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ පොරොන්දු වූ පරිදී අමාත්‍යවරු තිහකට අඩු කැබිනට් මණ්ඩලයක් නව ආණ්ඩුව විසින් පත් කර ගනු ලැබූ බවයි.

අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සඳුදා දිවුරුම් දුන්හ.

කැබිනට් ඇමති මණ්ඩලයේ දිවුරුම් දුන් මුළු අමාත්‍යවරු සංඛ්‍යාව විසි හතක්.

ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට භාර දී තිබේ.