ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අද රෑට ලෝක හොරෙක් රටින් පනිනවා -රන්ජන්

දූෂණ චෝදනාවන්ට ලක් වී ඇති සියලු දෙනාට රටින් පිට වීම තහනම් කිරීම සඳහා ක්‍ෂණික පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අල්ලස් හා දූෂණ කොමිසමට යයි.

කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි ඔහු බලධාරීන්ගෙන් ඉලා සිටියේ ලැබී ඇති චෝදනා විභාග කිරීම ඉක්මන් කරන ලෙසයි.

අද රාත්‍රියේ ද දූෂණ චෝදනා සහිත පුද්ගලයෙකු රටින් පිට වී යාමට සිටින බවට තොරතුරු ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍යයට පැවසීය.

ෆයිල් ටික

‘මම අපේ නායක තුමාට මේ ගැන කතා කළා. එතුමා කිව්වා පැමිණිල්ලක් නැතිව ඔවුන් ගේ ගමන් බලපත්‍ර තහනම් කිරීමට අයිතියක් නැහැ කියල. ඉතින් මම අද ආව ජනතාව වෙනුවෙන් මේ හොරු සියලු දෙනාගේම ෆයිල් ටික නැවත වේගවත් කරන්න කියනවා වගේම අලුත් නම් ටික දාන්න. දැන් අගමැතිතුමාටවත් ජනාධිපතිතුමාටවත් කියන්න බැහැ පැමිණිලි නැහැ කියල.’

අභිනව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ‘ශීලාචාර කම වැඩි’ බවත් මහත්මා දේශපාලනය කළ යුත්තේ මහත්වරුන් සමඟ මිස හොරුන් සමඟ නොවන බවත් බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවති සාකච්ඡාවකදී රන්ජන් රාමනායක ඊයේ කියා තිබුණි.