ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාප් වහන්සේගේ දේව මෙහෙයට ජන ගංගාවක්

අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ජෝශප් වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා ලෙස නම් කරනු ලබයි.

බදාදා උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වූ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන දේව මෙහෙයට සමගාමීවයි ජෝශප් වාස් මුනිතුමන් ශාන්තුවරයකු ලෙස නම් කරනු ලැබුවේ.

ගාලු මුවදොර පැවති දේව මෙහෙය සඳහා දෙස් විදෙස් කිතුනු බැතිමතුන් ලක්ෂ පහකට අධික පිරිසක් සහභාගි වූ බව සංවිධායකයෝ පවසති.

ගාලු මුවදොර පිටිය එකම හිස් ගොඩක් ලෙසින් දක්නට ලැබුණු බවයි දේව මෙහෙය ආවරණය කිරීමට ගොස් සිටින බීබීසීයේ අසාම් අමින් කියා සිටියේ.

දේව මෙහෙයෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ගාලු මුවදොර අහසේ ගුවන් සංදර්ශනයක් ද පැවැත්විය.

දේව මෙහෙයෙන් අනතුරුව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මඩු දේවස්ථානය බලා පිටත්ව ගිය අතර එහිදී අද බදාදා සවස විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතයි.