මගේ ආධාරකරුවන්ට තර්ජන - මහින්ද

Image copyright AFP

ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවලදී සිය ආධාරකරුවන්ට තර්ජන එල්ල වෙමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එහෙත් සිය ආධාරකරුවන්ට එරෙහිව එල්ල වන එම තර්ජන කිසිවක් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දැන් වාර්තා නොකරන බවද හිටපු ජනාධිපතිවරයා බීබීසී සංදේශයට පැවසීය.

"දැන් ජනමාධ්‍ය ඉන්නේ ඒවා දන්නේ නෑ වගේ," යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිට සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.

තමන්ගේ එක් ආධාරකරුවකුගේ බස් රථ නවත්වා, එහි සේවකයන්ට පහර දී මුදල් පැහැර ගැනීම එයින් එක් සිදුවීමක් පමණක් බවත් ඔහු කියා සිටියේය.

වැඩිදුර විස්තර විමසීම පිණිස සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන මෙන් සංදේශය කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පවරාදීමට තමන් තීරණය කළේ පක්ෂය දෙකඩ වීම වලක්වා ගැනීමේ අරමුණින් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර