ඉන්ධන මිළ අඩු කෙරේ

Image copyright Getty
Image caption ඉදිරියේදී ඉන්ධන සඳහා කඩිනමින් මිළ සූත්‍රයක් හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටී

බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සඳහා පනවා තිබූ අධික බදු ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ආණ්ඩුව පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක උපුටා දක්වමින් අමාත්‍යාංශය විසින් නිකුත් කරණු ලැබූ නිවේදනයකයි, ඒ බව සඳහන් වෙන්නේ.

නව මිළ ගණන් පහත සඳහන් ආකාරයට වෙනස් කෙරේ:

92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00 (රුපියල් 33.00 ක සහනයක්)

95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00 (රුපියල් 30.00ක සහනයක්)

සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00 (රුපියල් 16.00 ක සහනයක්)

සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00 (රුපියල් 23.00ක සහනයක්)

භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00 (රුපියල් 16.00ක සහනයක්)

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ගණන් වෙනස්වීම හා වෙනත් වෙළඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව, රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ඉන්ධන සඳහා කඩිනමින් මිළ සූත්‍රයක් හඳුන්වා දෙන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර