මටත් මගේ පවුලටත් මඩ ගහනවා - මහින්ද

යම් අයකුට එරෙහිව දූෂණ හෝ විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රියාමාර්ග ඇති බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

නමුත් එසේ නොකර ජනමාධ්‍ය හරහා තමාටත් තම පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව “ද්වේශ සහගත ලෙස මඩ ගසන ” බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ.

ඉකුත් ජනාධිපතිවරණයට පෙරත් ඊට පසුත් “පෙර කිසිදාක නොවූ විරූ අවලාද ව්‍යාපාරයක්” ගෙන යමින් මහජනතාව නොමග යැවීම සඳහා මඩ ව්‍යාපාර ගෙන යන බව හිටපු ජනපති නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

ජනාධිපතිවරණය පැවති දිනට පසු හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙන් තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර