ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'තර්ජනය කළේ නැහැ, එන්න කිව්ව නිසයි ගියේ'

ජාතික එක්සත් පෙරමුණේ නායක පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි සිය නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී තමන්ට තර්ජනය කළ බවට හිටපු අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් පොලිසියට පැමිණිලි කොට තිබේ.

එහෙත් එම චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන අසාත් සාලි පළාත් සභා මන්ත්‍රීවරයා කියා සිටියේ, හිටපු අගවිනිසුරුවරයාගේ නිවසට පැමිණෙන මෙන් තමන්ට ආරාධනා කළේ හිටපු අගවිනිසුරුවරයාම බවයි.

පදවියෙන් ඉවත්ව යාමට තමන් සූදානම් බව හිටපු අගවිනිසුරුවරයා එහිදී තමන්ට දැනුම් දුන් බවත් අසාත් සාලි ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස හිටපු අගවිනිසුරුවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.